දේශපාලන ලෝකයේ නොකැඩෙන වාර්තා දෙකක් සහ ළංවිය නොහැකි
වාර්තා දෙකක් තබා ඇති රජරට හදවත යෑයි විරිදාවලි ලත් මෛත්‍රීපාල සේනානායක
මැතිතුමාගේ 97 වැනි උපන් දිනය මෙම ජූලි මාසයට යෙදී ඇත.
1916 ජූලි 17 වැනිදා උපත ලද මෛත්‍රීපාල සේනානායක මහතා අභාවප්‍රාප්ත වූයේ 1998 ජූලි 12 වැනි දින දීය.
1947 දී උතුරු මැද පළාතේ කුංචුට්‌ටු කෝරළයට අයත් කිවුලේකඩ ග්‍රාමයේ උපන්
මෙතුමාගේ පියා සේනානායක මුදියන්සෙලාගේ කිරිහාමි සේනානායක මහතා ය.
මූලික
අධ්‍යාපනය සඳහා අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයට ඇතුළත් වූ මෛත්‍රීපාල සේනානායක
මහතා ඉන් අනතුරුව යාපනය ශාන්ත ජෝන් විදුහලටත්, ඉන් අනතුරුව කොළඹ නාලන්දා මහා විද්‍යාලයටත්, ඇතුළත් වී උසස් අධ්‍යාපන
කටයුතු හැදෑරීය.
No comments:
Post a Comment